එජාපෙ සන්ධානය ගැන අවසන් තීන්දුව අද

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ එක්ව ගොඩනගන පොදු සංධානය පිලිබඳ අවසන් තීන්දු තීරණයන ගැනීම සඳහා එම පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් අද (04 ) දහවල් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවදී පෙරමුණ ලෙස මෙම සන්ධානය නම් කිරීමට මෙන්ම එහි සලකුණ ලෙස හංසයා ලකුණ භාවිතා කිරීමටද මේ වනවිට එම පක්ෂ අතර එක්ස්නග්තාවයක් ඇතිවී ඇත.

කෙසේ වෙතත් එම කරුණු පිළිබඳව අවසන් එකඟතාවයන් ඇතිකර ගැනීම අද පැවැත්වෙන හමුවේ අරමුණ වී ඇත.

එසේම එම පෙරමුණේ මහලේකම්වරයා ලෙස රාජිත සේනාරත්න මහතා පත්කර ගැනීමටද මේ වනවිට යෝජනා වී ඇති අතර ඒ පිළිබඳවද අද දින අවසන් තීරණයකට එළඹීමට නියමිතය .