නවතම පුවත්

ඔමික්‍රෝන් රැල්ලක් අතළඟ

Roshan

Roshan

අසංක නවරත්න

මෙරට තුළ ලබන මස අග වනවිට ඔමික්‍රෝන්  රැල්ලක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව  රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

බොහෝ පිරිසක් තුන්වෙනි මාත්‍රාව ලබා නොගෙන පැහැර හැර සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස  කටයුතු කිරීමෙන් ජීවිත අවදානම වැඩි විය හැකි බවත් අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. එබැවින් මේ අවස්ථාවේදී ජනතාව තුන්වෙනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීම ඉතාම වැදගත් බවද මහාචාර්යවරයා කියාසිටී.

ඔමික්‍රෝන් වයිරසය  වේගයෙන් පැතිර යන නමුත් කොවිඩ්  මර්දන  එන්නත් මාත්‍රා ගණන සම්පූර්ණ කිරීමෙන්  ඉන් සමාජයට ලොකු බලපෑමක් ඇති වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා  සඳහන් කළේය.

මෙම වයිරස ප්‍රභේදයෙන් දරුණු රෝග ලක්ෂණ මතු නොකරන හෙයින් එම ආසාදිතයින්ගෙන් 80%ක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයිද  හෙතෙම කිය.

මුව ආවරණ පැළඳීම දුරස්ථභාවය පවත්වාගෙන යෑම  යනාදීවූ සෞඛ්‍ය නීති පිළිපැදීම සඳහා ජනතාව වැඩි වැඩියෙන් උනන්දු කළ යුතු වන බවද කීවේය.

වෙනත් කොවිඩ් රැළි මෙන් නොව ඔමික්‍රෝන් රැල්ල ඉක්මණින් අවසන් වනු ඇති බවද හෙතෙම කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්