නවතම පුවත්

ලංවිමේ බිලියන 93ක ණය පියවන්න ජනපති නියෝග

Roshan

Roshan

විදුලි කප්පාදුව ගැන අද තීරණයක්

අසංක නවරත්න

බලාගාරවල තත්ත්වය පරීක්ෂා කර බලා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ අද (25) තීන්දුවක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිශන් සභාව පවසයි. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ පස්වරුවේ පවසා තිබුණේ අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බවය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 93ක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට ඊයේ (25) උපදෙස් දී තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, “අපි පෙන්නලා දුන්නා අපිට දැනට රු. බිලියන 90 ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා.ජනාධිපති ඒ ණය ටික ගෙවන්න විදුලිබල මණ්ඩලයට මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා.” යනුවෙනි.

මේ අතර ඩොලර් නොමැතිවීම හේතුවෙන් මුහුදේ නැංගුරම්ලා ඇති ඩීසල් හා පෙට්‍රල් නැව් දෙක කඩිනමින් නිදහස් කරදීම සඳහා ඩොලර් නිදහස් කිරීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ පියවරගත් බව පැවසීය.

මෙවැනි තත්ත්වයක් තිබේ නම් එය කල්වේලා ඇතිව තමාට දැනුම්දෙන්නැයි ද ඊයේ මේ පිළිබඳ පැවති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා ඛනිජ තෙල් සංස්ථාවෙන් එහිදී ඉල්ලා තිබේ.

අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් අද (25) සිට දිවා කාලයේ පැයක් ද රාත්‍රී කාලයේ පැය එකහමාරක්ද වශයෙන් විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබිණි.

එම තත්ත්වය වළක්වා ගනිමින් විදුලිය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ (24) සාකච්ඡාව කැඳවනු ලැබීය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල් ගෙවීම සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 93ක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (24) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, “අපි පෙන්නලා දුන්නා අපිට දැනට රු. බිලියන 90 ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා.ජනාධිපති ඒ ණය ටික ගෙවන්න විදුලිබල මණ්ඩලයට මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා.” යනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්