බදුල්ල-මහියංගනය මාර්ගයේ දුන්හිඳ හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී අඩි 40ක් පමණ මෝටර් රථයක් ප්‍රපාතකට පෙරළී සිදුවූ අනතුරෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙක් තුවාල ලබා තිබේ.
අද (02) අලුයම 2.50ට පමණ අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කථිකාචාර්යවරියන් සිව්දෙනෙක් හා කථිකාචාර්යවරයෙකි.
ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබු කථිකාචාර්යවරියන් අතර ගැබිනියක් ද වන බව වාර්තා වේ.