කලාපයේ කොවිඩ් මරණ පහළ යද්දී ලංකාවේ ඉහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ සංඛ්‍යාව අගෝස්තු අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටී .
ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව මෙසේ  දකුණු ආසියානු කලාපයේ කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති අතර , ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක පමණක් මරණ සංඛ්‍යාව ඉහල ගොස් ඇත .

අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ දකුණු ආසියානු කලාපයේ මරණ සංඛ්‍යාව පහළ යද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 19% කින් ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ සහ ඉන්දියාවේ 32% කින් හා 17% න් ඉහළ ගොස් ඇති බවය

පසුගිය සතිය සමග සසඳන විට කාලපයෙන් නව මරණ 14 ,000 ක් වාර්තා වී තිබේ. එය සාපේක්ෂ වශයෙන් 20% ක අඩුවීමකි.