කැබිනට් අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, හරින් ප්‍රනාන්දු, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ හලීම්, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට එරහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (10දා) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ බැවින් මෙසේ පැමිණිලි කල බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කියා සිටි.
වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීමේ වරදට, රුපියල් 1000 නොඉක්ම වන දඩයක් සහ / හෝ වසරක සිර දඩුවමකට ලක් කිරීමේ හැකියාව පවතින බව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.