ආනයනික කිරිපිටි මිල මේ සතිය අවසන් වනවිට නැවතත් ඉහළ යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කිරිපිටි සඳහා පැනවූ පාලන මිල රජය විසින් ඉවත් කරගෙන ඇති නිසා ආනයනකරුවන්ගේ අභිමතය අනුව මිල ඉහළ නැංවීමට හැකි බව පැවසූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කොපමණ මුදලකින් කිරිපිටි මිල ඉහළ යනු ඇතිදැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් සඳහන් කළේය.
කෙසේවෙතත් වෙළඳපොල ආරංචිමාර්ග පවසන්නේ මෙවර මිල වැඩිකිරීමේදී කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1000 ඉක්මවා යනු ඇති බවයි.