නවතම පුවත්

“කුම්භ මේලාවෙන්” ඉන්දියාව කබලෙන් ලිපට – දිල්ලි නුවරට ඇඳිරි නීතිය පැනවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවරට මෙම සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීමට එරට රජය තීරණය කර ඇත

පසුගිය පැය 24 ක කාලයක් තුළ පළමු වරට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂයකට අධික පිරිසක් වාර්තා වීමත් සමග රජය මෙම තීරණයට එළඹ ඇත .

ඒ අනුව සාප්පු සංකීර්ණ, කාය වර්ධන මධ්‍යස්ථාන සහ ආපනශාලා සති අන්තයේ වසා තැබෙන අතර අත්‍යාවශ්‍ය සේවාවන් පමණක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග දිල්ලි අගනුවර රෝහල්වල ඇඳන් සහ ඔක්සිජන් සැපයුම්වල හිඟයක් පවතින බවද  වාර්තා වේ . ඒ අනුව එම ප්‍රදේශයේ ආපනශාලා හා තානායම් පවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්තාන බවට පත්කර ඇති බවද එරට මාධ්‍ය සඳහන් කර ඇත

මේ අතර ඉන්දියාව  පුරා මේ දිනවල   පැවැත්වෙන ආගමික උත්සව හා මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් එරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වන බවක් පෙනෙන්නට ඇති බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත  .

ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට පැමිණි හින්දු බැතිමතුන් සිය ගණනකට මේ වනවිට  කොරෝනා ආසාදනය වී ඇති අතර මෙම උත්සවය අවසානයේ  අතිවිශාල කොවිඩ්  ආසාධිතයින් සංඛ්‍යාවක් මෙම උත්සවය ආශ්‍රිතව බිහිවෙනු ඇති බවටද එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත
මෙම , උත්සවය සහභාගී වී සිටින ප්‍රධාන සාන්තුවරයින් 9 දෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වන අතර .මිලියන 3කට අධික හින්දු බැතිමතුන් පිරිසක් කුම්භමේලා උත්සවයට සහභාගී වී සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි