නවතම පුවත්

කොරෝනාවෙන් පීඩාවට පත්වූ ආසියානු සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව 1000ක්

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවද ඇතුළු දකුණු හා ගිනිකොනදිග ආසියානු රටවල , ආර්ථික අපහසුතා සහිත සිසු සිසුවියන් වෙනුවෙන් පූර්ණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව දහසක් පිරිනැමීමට , ආසියානු විවෘත අධ්‍යාපන ආයතනය (ASIAN OPEN EDUCATION INSTITUTE ) පියවර යොදා ඇත.

අන්තර්ජාලය හරහා දුරස්ථ අධ්‍යාපනික ක්‍රමවේදයන් යටතේ මෙම අධ්‍යාපනික ශිෂ්‍ය්ත්වයන් හැදෑරීමට සිසු සිසුවියන්ට අවස්තාව ලැබෙන අතර සහතික පත්‍ර , ඩිප්ලෝමා , උපාධි , පශ්චාත් උපාධි පාඨමාලාවන් මෙම ශිෂ්‍යත්ව යටතේ හැදෑරිය හැක.

තොරතුරු තාක්ෂනය , ව්‍යාපාරකරණය , ජනමාධ්‍ය , ආදී විවධ ක්ෂේත්‍ර රැසක් අතරින් තම පාඨමාලාව තෝරාගැනීමටද ශිෂ්‍යත්වලාභීන්ට අවස්ථාවක් ලැබෙන බව ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේ කුලපතිනි අචාර්ය බෙයා කාසන් (BEA CARSON) මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඇමෙරිකාවේ , කාර්ය බද්ධ අධ්‍යාපනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ (WIAL ) සභාපතිනියද වන අචාර්ය බෙයා කාසන් මහත්මිය මෙම නිවේදනය හරහා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා වසන්ගතය හේතුවෙන් තම අධ්‍යාපනික කටයුතු නිම කිරීමට නොහැකිව නිවෙස් වලටම සිරවී සිටින අඩු අදායම් ලාභී පවුල්වල දරු දැරියන්ට මෙය මහඟු අවස්තාවක් වනු ඇති බවය .

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වට කිහිපයක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇති බවත් මියන්මාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන මුල් වටයේදී ශ්‍රී ලංකාව , , බංගලාදේශය වැනි රටවලට වැඩි අවස්තාවක් ලබාදීමට ආසියානු විවෘත අධ්‍යාපන ආයතනය සැලසුම් කර ඇති බවත් , එහි ප්‍රධාන විධායක නිලධාරී චිරස්ති ආර්නෝල්ඩ් මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී .

ඇමෙරිකාවේ කාර්ය බද්ධ අධ්‍යාපන ආයතනය හා ආසියානු විවෘත අධ්‍යාපන ආයතනය එක්ව මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් වෙනුවෙන් අධ්‍යාපනික වැඩමුළු මාලාවක්ද අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආර්නෝල්ඩ් මහතා සඳහන් කළේය .

පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා වයස් කාණ්ඩවල සිසු සිසුවියන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම්කළ හැකි බවද විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කර එම ඉල්ලුම් පත්‍ර අතරින් ශිෂ්‍යත්වලාභීන් තෝරාගනු ලබන බවද ආසියානු විවෘත අධ්‍යාපන ආයතනයේ ලේඛකාධිකාරී පේ වින් ( Pyae Phyo Win) මෙනෙවිය මෙහිදී සඳහන් කළාය .

අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා අයදුම් කල යුතු වෙබ් ලිපිනය- http://aoei.online/register

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්