නවතම පුවත්

සාපෙළ ප්‍රථිපල ලේඛන ඔන්ලයින් ක්‍රමයට ලබාදෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා (කොවිඩ් 19)  වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැනට උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේද උපදෙස් වලට අනුකූලව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

සියළු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊට අදාල පරිශීලක පද (USER NAME )  හා මුර පද (PASSWORD) ලබාදීමේ සමාරම්භක අවස්ථාව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවේදී අද (28)සිදු කෙරිණි.

රට තුළ උද්ගතව ඇති වත්මන් තත්වය හමුවේ පවත්නා සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින්, මෙම විභාග ප්‍රතිඵල දරුවන් වෙත ලබාදීමට උත්සුක වූ විභාග දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයටත් ඊට නායකත්වය ලබාදුන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සියලු නිලධාරීන්ටත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සිය කෘතවේදීත්වය පළ කළේය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිසීමෙන් සිසුන්ට තම ප්‍රතිඵල පෞද්ගලිකව ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මීට පෙර අවස්ථාවලදී තැපැල් මගින් ලැබුණු පාසල් විභාග ප්‍රතිඵල ලේඛන අද සිට ඉහත වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ  අවස්ථාවද සලසා දී තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් ඔන්ලයින් ක්‍රමයට විභාග සහතික සහ ප්‍රතිඵල ලේඛන ලබාගැනීමටත්, ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමටත් පහසුකම් සැලසෙන පරිදි විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි සේවා පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර ද මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රශංසාවට ලක්විය.

සේවා පද්ධතින් පහක් යටතේ පාසල් අපේක්ෂකයින්ට, පෞද්ගලික අපේක්ෂකයින්ට, පාසල්වල විදුහල්පතිවරුන්ට. කලාප සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ට ප්‍රතිඵල ලේඛන PDF සහ EXEL ආකෘතියෙන් ලබාගැනීමට ඒ අනුව අවස්ථාව සලසා තිබේ

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්