නවතම පුවත්

කොරෝනාවෙන් බැට කන රටවල් රැසක්ම සංචරණ නීති ලිහිල් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිටත් දැඩි ලෙස බැටකමින් සිටින යුරෝපා රටවල් ඇතුළු ලොව පුරා රටවල් රැසක්ම ඉදිරි සතියේ සිට වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රියාත්මක කල සංචරණ සීමා රැසක් ලිහිල් කිරීමට තීරණය කර ඇත.

මේ අනුව කොරෝනා වෛරසයෙන් බරපතල ලෙසම පීඩාවට පත් යුරෝපීය රාජ්‍යය වන ඉතාලියද ලබන 04 දින සිට තම නීතී රීති ලිහිල් කිරීමට කටයුතු යොදා ඇත.

එහිදී එරට අවන්හල් , සුරා සල් ආදිය පවා අර්ධ වශයෙන් විවෘත කිරීමට එරට රජය කටයුතු යොදා ඇත. එම ස්ථාන වල ජනතාවට එක්රොක් වීම තහනම් වන නමුත් ඒවායෙන් අහාර හෝ මත්පැන් වර්ග ඇනවුම් කර ගෙන්වාගැනීමට අවස්තාව ලැබේ . එසේම සියලුම ජනතාවට තම නගර සීමාවන් තුල නිදහසේ සංචරණය කිරීමටද අවස්තාව මැයි 04 දින ලබාදීමට ඉතාලි රජය තීරණය කර ඇත .

එසේම මැයි 18 දින සිට කලාගාර හා කෞතුකාගාරද යලි විවෘත කිරීමට එරට තීරණය කර ඇති අතර ක්‍රීඩා කණ්ඩායම් වලට යලි එක්ව පුහුණුවීම් ආරම්භ කිරීමටද අවස්තාව ලැබේ .

එසේම ස්පාඥ්ඥය හා ප්‍රංශයද ලබන මැයි 04 දින සිට තම සංචරණ නීති යම් පමණකින් ලිහිල් කිරීමට තීරණය කර ඇති අතර , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ සංචරන නිදහස තහවුරු කිරීම සඳහා එම රටවල් විශේෂ අවධානයක් යොමු කර ඇත . මීට අමතරව යුරෝපයේ තවත්රටවල් රැසක් ඉදිරි සතිය තුල මෙතෙක් එම රාජ්‍යයන් විසින් පනවා තිබු සංචරණ නීති ඇතුළු කොරෝනා පාලන නීති රෙගුලාසි ලිහිල් කිරීමට සැලසුම් කර ඇත.

කොරෝනා හේතුවෙන් දැඩි ලෙසම බලපෑමට ලක්වූ මැදපෙරදිග රාජ්‍යය වූ ඉරානයද , ඉදිරි සතිය තුල ප්‍රදේශ ඛිපයකම දේවස්ථාන විවෘත කිරීමට තීරණය කර ඇති අතර පූජා කටයුතුද යලි ආරම්භ කිරීමට අවස්තාව ලබාදී ඇත.

මීට අමතරව නවසීලන්තය , ඉන්දියාව වැනි රටවල්ද ලබන සතියේ සිට තම සංචරණ නීතී ලිහිල් කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්