කොරෝනා අස්සේ ද.කොරියාවේ ඡන්දේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ තර්ජන මධ්‍යයේම දකුණු කොරියානු ජාතික සභා මැතිවරණ‍යේ ජන්දය ප්‍රකාශ කිරිම එරට වේලාවෙන් අද පෙරවරු හයට ආරම්භ කෙරිණ.

ජන්ද ප්‍රකාශ කිරීම සෞඛ්‍ය උපදෙස් අනුවම ක්‍රියාත්මක කිරීමට කොරියානු රජය කටයුතු යොදා ඇති අතර ඒ අනුව ඡන්දදායකයින්ට මුහුණු ආවරණ පැලදිම අනිවාර්ය කර ඇත.

එසේම ජන්ද පෝලිම තුල එකිනෙකා අවම වශයෙන් මීටර 1 ක් දුරින් සිටිය යුතු අතර ජන්දය ප්‍රකාශ කිරිම සඳහා නිල ජන්ද පත්‍රිකාව ලබා දෙන්නේ අදාළ ජන්ද දායකයාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය

එහිදී ශරීර උෂ්ණත්වය නිසි පරිදි පවතින ජන්ද දායකයින්ට පමණක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ කුටියට යාමට අවසර හිමි වේ.

දකුණු කොරියාවේ ව්‍යස්ථාදායකය ලෙස සැළකෙන එරට ජාතික සභාව ආසන 300 කින් සමන්විත වන අතර මෙවර මැතිවරණයේදි ජන්ද මධ්‍යස්ථාන 14,330 කදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 44 කි.

මෙවර මැතිවරණයට පක්ෂ 35 ක් ඉදිරිපත්ව සිටී