නවතම පුවත්

කොරෝනා නොතකා එන කේරල ගංජා යාපනයෙන් අල්ලයි

අසංක

අසංක

කිලෝ 93ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට 

යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී මුහුදේ සිට ගොඩබිමට ඩිංගි යාත්‍රාවක් මගින් ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 93ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

වෙත්තලකේනි, කඩෙයිකාඩු වෙරළ තීරයේ වෙරළ නීරීක්‍ෂණ මුරකුටියක රාජකාරි නියුතු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ නාවික අණුකණ්ඩ වෙත්තලකේනි ආයතනයේ රේඩාර් මධ්‍යස්ථානයේ රාජකාරි කළ නාවික පුද්ගලයින් පිරිසක් විසින් සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව එම යාත්‍රාව ගොඩබිමට සේන්දු වන අවස්ථාවේදී එය පරීක්‍ෂාවට ලක්කර තිබේ.
මෙම බෝට්ටුවේ තිබී පාර්සල් 44ක අසුරා තිබු කිලෝග්‍රෑම් 93කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සො ගෙන ඇත.

කේරළ ගංජා තොගය සමඟ අදාල යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02), ධීවර යාත්‍රාව සහ එහි තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා, කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සංකානේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලයට භාර දී තිබේ.
අදාල යාත්‍රාව, එහි තිබූ කේරළ ගංජා සහ සැකකරුවන් නාවික හමුදා උතුරු නාවික විධානයට අනුයුක්ත රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව පරීක්‍ෂා කිරීමට නාවික හමුදාව කටයුතු ක රඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්