නවතම පුවත්

දුර ඉඳන් රෝග විනිශ්චයට ඉඩදෙන රොබෝවක් රුහුණු සරසවියෙන්

අසංක

අසංක

රෝගීන්ගේ රෝග දුරස්ථව විනිශ්චය කිරීමට වෛද්‍යවරුන්ට අවස්ථාව සලසා දෙන ඉතාමත් දියුණු මට්ටමේ වෛද්‍ය රොබෝ යන්ත්‍රයක් නිපදවීමට රුහුණ විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ විදුලි හා තොරතුරු ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් හා වි‍‍ද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව ඇත.

COVID-19 වැනි වසංගත තත්ත්වයක් පවතින වකවානුවක, සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කොට නිපදවා ඇති මෙම රොබෝ යන්ත්‍රයේ සුවිශේෂත්වය වන්නේ අන්තර්ජාලය භාවිතයෙන් තොරව ඕනෑම වයිෆයි ජාලයක් හරහා ක්‍රියාත්මක කළ හැකි අභ්‍යන්තර සේවාදායකයක් මත ක්‍රියාත්මක වන ශ්‍රව්‍ය හා දෘශ්‍ය සන්නිවේදනයයි. ඒ අනුව වෛද්‍යවරුන්ට නිවසේ සිට අන්තර්ජාලය හරහා රෝග විනිශ්චය දත්ත බැලීමට සහ රෝගියා සමඟ සන්නිවේදනය කිරීමටද මේ හරහා හැකියාව ලැබේ .

මීට අමතරව, වෛද්‍යවරුන්ට රෝග හඳුනා ගැනීම සඳහා උෂ්ණත්වය, ECG , හෘද ස්පන්දන වේගය සහ රුධිර ඔක්සිජන් මට්ටම වැනි වැදගත් මිනුම් ද ගැනීමට මෙම වෛද්‍ය රොබෝ යන්ත්‍රයට හැකි වේ.

COVID-19 තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අංශයට වර්තමාන අවශ්‍යතාවලින් ඔබ්බට බොහෝ අනපේක්ෂිත අභියෝග වලට මුහුණ දීමට සිදුවෙනු ඇති බැවින් කඩිමුඩියේ රොබෝ යන්ත්‍රය නිරාවරණය කරනවාට වඩා එම අනාගත අවශ්‍යතා සඳහා පහසුවෙන් වැඩි දියුණු කළ හැකි රොබෝවක් සෑදීම මෙම නිපැයුම්කරුවන්ගේ අරමුණ වී ඇත.

ආචාර්‍ය සුබෝධ ගුණවර්ධන, චතුම් සංකල්ප මහතා සහ ආචාර්‍ය නොයෙලින් ප්‍රින්ස් ​ විසින් ප්‍රමුඛත්වය ගෙන, පීඨයට පැමිණ සහ නිවසේ සිට සේවය කරන, උපාධිධාරීන් සහ සිසුන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව මෙම යන්ත්‍රය නිපදවා ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ මෙන්ම ජෛව වෛද්‍ය ඉංජිනේරුවන්ගේ සහය සමඟ ඔවුන් මෙය තවදුරටත්සං වර්ධනය කරමින් සිටී. මෙහි මූලාකෘතිය මෙම සතියේ නිම කිරීමට අපේක්ෂා කරන අතර රෝහලේ පරීක්ෂණ ධාවනය මේ මස අගදී පැවැත්වීමට නියමිතය.

 

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කර යෝජනා හා උපදෙස් ලබා දෙන අයුරු.
වමේ සිට දකුණට: ආචාර්‍ය සුබෝධ ගුණවර්ධන, වෛද්‍ය ජානක රණවීර (කරාපිටිය ශික්ෂණ රෝහල), චතුම් සංකල්ප මහතා, වෛද්‍ය උපුල් හපුආරච්චි (වෛද්‍ය පීඨය), කේෂව මධුබානු මහතා, මනූජ ප්‍රියදර්ශන මහතා, අමිල සංජීව මහතා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්