ශ්‍රී ලංකාව තුල පසුගිය දින කිහිපයේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේසංගමය අවධාරණය අර සිටී .
අවුරුදු සමයේ මෙරට ජනතාවගේ අපරික්ෂාකාරී හා වගකීම් විරහිත හැසිරීම ඊට හේතුවක් විය හැකි බවද එම සංගමය සඳහන් කර සිටී
මේ අනුව අලුත් අවුරුදු සමයත් සමග රට යලි ඉතාමත් අවදානම් තත්වයකට තල්ලු වෙමින් ඇති බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසීය .
රෙදි පෙළි මිලදී ගැනීමේ දී හා භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපදින තත්ත්වයක් කිසිසේත්ම දක්නට නොලැබෙන බවද ඒ මහතා පැවසීය .
අවුරුද්දෙන් පසු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් නොවීමේ වගකීම ඇත්තේද ජනතාව සතුවම බව උපුල් රෝහණ මහතා පැවසීය පැවසුවේ.