නවතම පුවත්

මේගන් නැතිව හැරී එංගලන්තයට

අසංක

අසංක

රජ පවුල විවේචනය කරමින් ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වීමේ උණුසුම මුළුමනින්ම පහව යන්නටත් පෙර හැරී කුමරු සිය මුත්තනුවන් වූ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයට පැමිණෙන බවට තහවුරු කර තිබේ. ඒ බිරිඳ මේගන් මාකෙල් නොමැතිව තනිවම ය.

අපේ‍්‍රල් 17 වන සෙනසුරාදා සිය සීයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ආපසු ඒම ගැන හැරී සිය පවුලේ අය සමඟ සාකච්ඡා කළ බව ආරංචි මාර්ග පවසයි.

ඔහු පවසා ඇත්තේ සෑම කෙනෙකු සමඟම සිටීමට තමාට අවශ්‍ය බවත් ඒ වන විටත් ඔහු නිවසට පැමිණීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත්ය.

පවුල හැරගිය ද සසෙක්ස් ආදිපාද හැරී කුමරු ඔහුගේ ඥාති සහෝදරියන් වන බියට්‍රිස් කුමරිය සහ ඉයුජීනී කුමරිය මෙන්ම ඔහුගේ පියා වන චාල්ස් කුමරු සමඟ ද සම්බන්ධ වී ඇති බවට වාර්තා ඇත.

COVID-19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා ගමන් සීමාවන් සහ දැඩි නිරෝධායන නීති ක්‍රියාත්මක වන විට, ආදිපාදවරයාට දින පහක් ස්වයං හුදකලා වී පීසීආර් පරීක්ෂණයක් කිරීමට සිදුවනු ඇත.

පීසීආර් වාර්තා ඍණාත්මක නම්, නිරෝධායනය බිඳ දමා ඔහුගේ පවුලේ අය සමඟ සිටීමට ඔහුට ඉඩ සලසනු ඇත.

ගැබ්ගෙන සිටින මේගන් මාකෙල් වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි එඩින්බරෝ ආදිපාදවරයාගේ අවමංගල්‍යයට සහභාගී නොවන බව බකිංහැම් මාලිගයේ ප්‍රකාශකයෙක් සෙනසුරාදා තහවුරු කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්