කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ හුදෙකලා කර තිබූ සියළු ප්‍රදේශ විවෘත කර අවසන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසයෙන් හේතුවෙන් හුදකලා කර තිබූ කොළඹ බණ්ඩාරනායක මාවත හා, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මේ බව පැවැසීය. අද පෙරවරුවේ මෙම ප්‍රදේශ හුදකලා කිරීම අවසන් කර තිබේ.

ඒ අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ හුදකලා කර තිබු සියලු ප්‍රදේශ විවෘත කර ඇතැයි ද ඔහු පැවැසීය. කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම නිසා එම ප්‍ර දේශ හුදකලා කල අතර එහි ජනතාව නිරෝධානය කිරීමටද කටයුතු කෙරිණි.

බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ තවත් පිරිසක් තව දුරටත් නිරෝධානය වෙමින් සිටින බවත් ඔවුන් නිරෝධානය අවසන් වු පසු තවත් දින  14ක් තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.