අසංක නවරත්න
පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස ලෙස හඳුනාගනු ලබන්නේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 3ම ලබාගත් අය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
එවැනි අය හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදෙන බවද හෙතෙම කීය. ඉදිරියේදී එන්නත් මාත්‍රා 3ම පූර්ණ එන්නත්කරණය ලෙස හඳුනාගැනීම පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් කරන බව ද ඔහු පැවසීය.
ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.
“ෆුලි වැක්සින් කියලා මීට පස්සේ නිර්වචනය කරන්නේ වැක්සින් 3ම ගත්ත අයට. එහෙම නැති අය ප්‍රසිද්ධ ස්ථානවලට යෑමෙන් වැළකීමේ හැකියාවක් අපට තියෙනවා. ඒ වෙනුවෙන් ඇප් එකකුත්, QR කොඩ් එකකුත් හදන්න දැනට අපි තාක්ෂණික අමාත්‍යාංශයේ කණ්ඩායමකට භාර දීලා තියෙනවා. ඒක ලැබුණු වහාම අපි ඒ නීතිය, එහෙම නැත්නම් ගැසට් එකක් ගහලා, නැත්නම් පාර්ලිමේන්තුවේ හරි ගෙනැල්ලා කටයුතු කරන්න හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා.”
එහිදී අදහස් දැක්වු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියේ සංගීත සංදර්ශනවලට අවසර දෙනවා නම් පොලීසියෙන් අනුමැතිය දෙන්නේ මාත්‍රා 3ම එන්නත් ගත් අයට පමණක් බව ගම්පහ කොවිඩ් කමිටු රැස්වීමේදී තීරණය කළ බවය.