නවතම පුවත්

පෘතුවියේ මනා පැවැත්ම වෙනුවෙන් එක්ව වැඩකරමු – ජනපති ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ජාතීන්ගෙන් ඉල්ලීමක් කරසිතේ සිටී .

ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකලේ  ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදී ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්ය .

ගල් අගුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවද  ජනාධිපතිවරයා එහිදී පැවසුවේය .

දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපාන බව ඒ මහතා මෙහිදී පැවසීය .

දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගය ලැබිය යුතු බවද  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි