කොළඹ කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළයාමක්

Picture of අසංක

අසංක

කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් වී ඇත.

මෙය අවසාන වරට ගනුදෙනු සිදුවූ පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව 1.77%ක ඉමළ යාමකි.

දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් වී තිබේ.

2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ නමුත් අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමකි.