කොළඹ ගුරුවරුන්ගෙන් 97%කට එන්නත දී අවසන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් සියයට 97 ක් මේ වන විට කොවිඩ් මර්දනය එන්නත ලබාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටී

එසේම බස්නාහිර පළාත තුළ ගුරුවරුන්ගෙන් සියයට 86 කට එන්නත ලබාදී අවසන් කර ඇති බවත්  අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත .

මේ අනුව පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබාදීමේ වැඩසටහන දීපව්‍යාප්ත. මට්ටමින් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන බවත් අමාත්‍යාංශය පවසයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 81 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ සියයට 82 ක් ගුරුවරුන් එන්නත ලබාගෙන ඇති බවත් බදුල්ල දිස්ත්‍රිකක්යේ සියයට 90 ක ප්‍රතිශතකයක් එන්නත ලබාදී ඇති බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත