නවතම පුවත්

කොළඹ තදබදය අඩු කරන කණු මතින් යන දුම්රිය මාර්ග 4ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

කොළඹ නගර කලාපය ආවරණය වන පරිදි කණු මතින් ඉදිවන නව  දුම්රිය මාර්ග හතරක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

 

කොළඹ නගරයේ පවතින වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම දුම්රිය මාර්ග ඉදිකෙරෙන බව අද (30) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය .

 

රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක  මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවන දුම්රිය මාර්ග හතර  රක්ත, හරිත, නීල හා දම් ලෙස  නම් කර ඇත.

 

කිලෝමීටර 42ක දිගින් යුතුව රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙන බවත් හරිත දුම්රිය මාර්ගය කිලෝ මීටර 28ක දිගින් යුතු අතර එය මොරටුවේ සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ඉදිකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටින ලදී.

 

කිලෝමීටර 23ක දිගින් යුතුව ඉදිකෙරෙන නීල දුම්රිය මාර්ගය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ඉදිරිකිරීමට යෝජිතය.

 

දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ඉදිකිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්