කොළඹ නගරයේ දූවිලි අංශූ ප්‍රමාණය යලි වැඩි වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ නගරයේ වායුගෝලයේ දුවිලි අංශු ප‍්‍රමාණය ඉදිරි දිනවල යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා සිටී.
විශේෂයෙන්ම හෙට (27) සිට ලබන 2 වැනිදා දක්වා වන දින 5 තුළ උදෑසන කාලයේ දී මෙම තත්ත්වය පැවතිය හැකි බව එම සංවිධානය සඳහන් කර සිටී .
මෙම දිනවල පවතින සුළං රටාවේ වෙනස්වීමක් හේතුවෙන් එසේ වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහල යනු ඇති බවද සංවිධානය සඳහන් කර සිටී .

විශේෂයෙන්ම උදෑසන කාලයේ දී වායුගෝලීය අංශු ප‍්‍රමාණය ඉහළ යාමට හේතුව විශාල රථ වාහන ප‍්‍රමාණයක් කොළඹ නගරයට ඇතුළුවීම බව ද එම සංවිධානය මාධ්‍ය වෙත නිවේදනය කර සිටී .