කොළඹ මහනගර සභාවේ මන්ත්රීවරු පිරිසක් , ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යාමට හා වාහන නවතා තැබීම සඳහා යැයි පවසමින් , කොළඹ මහනගර සභාවට අයත් ඉඩම් රාශියක් නොමිලයේ ලබාගෙන , ඒවා පිටස්තර පුද්ගලයින්ට හා ආයතනවලට බදුදී මාසිකව ලක්ෂ ගණනින් මුදල් උපයන බවට තොරතුරු අනාවරණයවී ඇත .
ජාතික විගණන කාර්යාලය , සිදුකරන ලද වෝහාරික විගණනයකින් , මෙම මහාපරිමාණ වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත ,
මෙම වංචාව හේතුවෙන් කොළඹ නගර සභාවට ලැබිය යුතු හිඟ ආදායම රුපියල් බිලියන 525 ක් බව විගණන වාර්තාවේ දැක්වේ . එසේම මේ හේතුවෙන් නගර සභාවට අහිමිවූ මුදල රුපියල් මිලියන 5200කට ආසන බවද වාර්තාවේ දැක්වේ .
වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි මෙම වංචාව සඳහා ලබාගෙන ඇත්තේ කොළඹ 5 ප්රදේශයේ ඉඩම් වන අතර , කිසිදු ගෙවීමකින් තොරව මෙම ඉඩම් ලබාගෙන, ඒවා අයථා ලෙස පිටස්තර පුද්ගලයින්ට ලබාදී මෙම මන්ත්රීවරු විශාල බදු වංචාවක් සිදුකර ඇති බවද වාර්තාවේ දැක්වේ.
මෙසේ වංචා කල එක මන්ත්රීවරයෙකු නගර සභාවට මිලියන 45 ක පමණ මුදලක් ගෙවීමට ඇති බවද වාර්තාවෙන් අනාවරණය වී ඇත ,
වාර්ෂිකව නගර සභාව ලැබිය යුතු , රුපියල් කෝටි 500ක පමණ මුදලක් මෙවැනි බදු පහරහැරීම් හා වංචා හේතුවෙන් අහිමිවන බවද වාර්තාවේ දැක්වේ .
අදාල සම්පූර්ණ විගණන වාර්තාව පහත දැක්වේ .