නවතම පුවත්

ගිනිගත්හේනේ කඩ 10ක් නායගිහින්- අයෙක් අතුරුදන් (Photos)

අසංක

අසංක

ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස් වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී තිබේ.

අද(19) අළුයම 2.00ට පමණ මෙම නාය යාම සිදු වී ඇත.

ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙසේ නාය ගොස් තිබේ.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින බවට අනතුරු අඟ්වා තිබේ.

එබැවින් පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇත.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ට දන්වයි.

විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළදසැලේ සිටි සේවකයා අනතුරින් අතුරුදහන් වි ඇත.

නායයමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවත් ඉන් ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මීට අනතුරු අඟවා තිබූ බව ද වාර්තා වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි