නවතම පුවත්

නායයාම් අවදානම තවදුරටත් – අදත් වැසි හා තද සුළං

අසංක

අසංක

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපෑ අධික වැසි හා සුළං තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ආපදා තත්වයෙන් ගස් කඩාවැටීම්, පස්කඳු කඩාවැටීම්, කණු කඩාවැටීම් ආදියෙන් වැඩිම හානි වාර්තාවී ඇත්තේ රත්නපුර, නුවරඑළිය, කොළඹ, බලංගොඩ, කරෙයිනගර්, හලාවත, නුවරඑළිය,වලපනේ, හගුරන්කෙත ආදී ප්‍රදේශවලට ය.

ඊයේ රාත්‍රිය වනවිට පුද්ගලයන් 2දෙනකු ජල පහරට හසුව ගසාගෙන යාම ආදිය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

පවතින අයහපත් කාළගුණික තත්ත්වය සමඟ රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කලුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳව අනතුරු ඇගවිම් නිකුත් කර තිබේ.

අද සවස 2.30 තෙක් එය බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

කලුගගේ රත්නපුරය කොටසේ අධික අවදානම් තත්ත්වයක තිබූ ජල මට්ටම බැස යන නමුත් විමසිලිමත් වන්නැයි ඒ ආශ්‍රිත ජනතවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටියි.

කෙසේවෙතත් ජල මට්ටම බැස යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

අද දිනයේදීත් මධ්‍යම, සබරගමුව, ගාල්ල, මාතර ප්‍රදේශන්‍ල මිලිමීටර් 150ක පමණ වන වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 70-80 පමණ දක්වා වන ඉතා තද සුළං ද, සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50-60 පමණ දක්වා තද සුළං ද ඇති විය හැක.

චන්ද්‍රිකා ඡායාරූපය පසුගිය පැයේදී

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි