ගුරු-සිසු-මාපිය 500කට මයික්‍රෝසොෆ්ට් වෙතින් පුහුණුවක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් , ශ‍්‍රී ලංකාවේ සිසුවියන් හා තරුණියන් 500 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් සදහා විශේෂ එක්දින වැඩමුළුවක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වනු ලැබීය .

පරිඝනක හා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ රැකියාවන්ට යොමුවීම මෙරට තරුණ ප්‍රජාවට මාර්ගෝපදේශනයක් හා අවබෝධයක් ලබා දීම මෙම වැඩමුළුවේ ප්‍රධානතම අරමුණක් විය.

මයික්‍රොසොෆ්ට් ආසියානු පැසිපික් හී සභාපති ඇන්ඩි‍්‍රයා ඩෙලා මටෙියා, අග්නිදිග ආසියානු නව වෙළෙදපොළවල්හී සාමාන්‍යාධිකාරී සූක් හූන් චෙිහ්, මයික්‍රොසොෆ්ට් ආසියානු සමාගමේ මානව සත්කාර අධ්‍යක්ෂක ඩයනා බයිට්ල සහ මයික්‍රොසොෆ්ට් කලාපීය නායකත්ව කණ්ඩායමේ අනෙකුත් අය තරුණියන්ට නායකත්වය ඉසිලීම සහ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරුකරණය සහ ගණිතය යන විෂය ක්ෂේත‍්‍රයන්ට අදාළ රැකියාවල නිරතවීමට අවශ්‍ය උපදෙස් ලබදෙනලදී .