ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
විදෙස් පුවත් සේවාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කථානායකවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ස්ථානයක රැඳී සිටින බවයි.
මේ අතර මෙම විදෙස් පුවත් සේවය අද වාර්තා කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදා නෞකාවක සිටින බවට උසස් ආරක්ෂක අංශ නිලධාරියෙකු ඔවුන් වෙත තහවුරු කර සිටිය බවයි.
විදෙස් පුවත් ආයතනයේ මාධ්‍යවේදීයා විසින් මෙහිදී කථානායකවරයාගෙන් විමසා අත්තේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා පවසා ඇත්තේ ආරක්ෂක හේතුන් මත තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිළි කර සඳහන් කළ නොහැකි බවයි.
( මුලාශ්‍ර : BBC වෙබ් අඩවිය)