නවතම පුවත්

ගෝලීය බොරතෙල් සැපයුම 10%කින් කප්පාදු කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ගෝලීය බොරතෙල් සැපයුම 10% කින් කප්පාදු කිරීමට බොර තෙල් අපනයන කරන රටවල එකමුතුව හෙවත් ඔපෙක් සංවිධානය තීරණය කර ඇත.

ඔපෙක් සංවිධානයේ මිත්‍ර පර්ශ්වික රටවල්ද මෙම තීරණයට එකඟතාව පළකර ඇති අතර ඔස්ට්‍රියාවේ වියානා නුවරදී වීඩියෝ සමුළුවෙදී මේ මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ.

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව රටවල් රැසක ප්‍රවාහන කටයුතු කටයුතු අක්‍රීයව තිබීම හේතුවෙන් ඔපෙක් සංවිධානය මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව තෙල් ඉල්ලුම අඩුවෙමින් පැවතීම හා ඊට සමගාමීව තෙල් මිල පහල යමින් තිබීමද සැලකිල්ලට ගෙන මෙසේ තෙල් සැපයුම සීමා කිරීමට තම සංවිධානය පියවර ගන්නා බව ඔපෙක් හි ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා ඇත.

විදෙස් වාර්තා අනාවරණ කළේ ඉතිහාසයේ සිදුකළ විශාලතම බොරතෙල් කප්පාදුව මෙය බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්