නවතම පුවත්

චීනය , ආක්‍රමණයකට සූදානම්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුද අභ්‍යාසයක නිරත වී සිටින චීනය තායිවාන මුහුදට බැලැස්ටික් මිසයිල එල්ල කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මේ වනවිට ඔවුන් එලෙස බැලැස්ටික් මිසයිල 11 ක් පමණ එල්ල කර ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ තායිවානයට ඉහල අහසින් වුවද මිසයිල ගමන් කල හැකි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඇතැම් ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ චීනය ආක්‍රමණයකට සූදානම් වන බවයි. සාමාන්‍යයෙන් යුද අභ්‍යාසයකදී භාවිත කරන්නේ පුහුණු වෙඩි උණ්ඩ පමණයි. එහෙත් චීනය මෙම යුද අභ්‍යාසය සදහා භාවිත කරන්නේ සජීවී උණ්ඩ වීම විශේෂත්වයක්.

මේ අතර තායිවානය ගුවන් කලාපය උල්ලංඝනය කරමින් චීන ප්‍රහාරක ගුවන් යානාද මෙම යුද අභ්‍යාසයට එක් කර තිබෙනවා. එම ගුවන් යානා අතර රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා 16 ක්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ගුවන් යානා ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ පියාසර කරවිය හැකි බවත්, පියාසැරි වේගය පැයට කිලෝමීටර් 2100 ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි