ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහ ගත කළ නොහැකි බව චීනය දන්වා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා අද ප්‍රකාශ කර සිටී .
ඒ වෙනුවට එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවට චීනය යෝජනා කර ඇති බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ ණය අර්බුදය විසදා ගැනීමට නම් ශ්‍රී ලංකාව, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව බදු ඉහළ නැංවීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බවට ද දැනුම් දී ඇත .