නවතම පුවත්

‘තරුණයන්ට ඉංග්‍රීසි, හයිස්පීඩ් ඉන්ටර්නෙට්, ක්‍රීඩා සරසවියක් දෙනවා’ – ගෝඨා

අසංක

අසංක

තරුණ ප්‍රජාවට ඉංග්‍රීසි දැනුම හා අධිවේගී අන්තර්ජාලය භාවිතයට ලබාදුනහොත් ඔවුන්ට නව ලෝකයේ දොරගුළු විවර කරගැනීමට අවස්ථා විශාල වශයෙන් ළඟා කරගත හැකි බව” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමන් බලයට පැමිණියහොත් දැනට අඩුවක්ව පවතින ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේ අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණේ පළමු සමුළුව අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව අතරතුරදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.

නෙළුම් පොකුණ රගහලේදී පැවැති මෙම සමුළුවට සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් තරුණ ප්‍රජාව සහභාගි වී සිටියහ.

තරුණයන්ගේ ප්‍රශ්නවලට තම ප්‍රතිපත්තිමය පිළිතුරු ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ පැන විසඳුම් වටයකට සහභාගි වෙමිනි.

“මෙරට අධ්‍යාපනය තුළින් රැකියාවලට යොමුවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. කාර්මික තාක්ෂණ ආයතන පෞද්ගලික අංශයේද සහබාගිත්වයෙන් දියුණු කළ යුතුයි. රටක ආරක්ෂාව පිළිබඳ වගකීම තරුණ ප්‍රජාවට දැනවිය යුතුයි.” යැයිද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්