තව සති දෙකකින් කොවිඩ් මරණ අඩුවේවි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණවල සැළකිය යුතු අඩුවක් ඉදිරි දෙසතියෙන් පසු බලාගත හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී

දැනට ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය කොයි මොහොතක හෝ ඉවත් කෙරෙන හෙයින් ඊට පෙර පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරුවන නව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඒ ඒ ආයතන බලධාරීන් කටයුතු කළ යුතු බවද හේරත් මහතා මෙහිදී පැවසීය .එසේ කටයුතු නොකළහොත් රට විවෘත කළ සැණින් කොවිඩ් වයිරසය යළි පැතිර යා හැකි බවද  ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ වලට පමණක් කොවිඩ් වයිරසය පරාජය කළ නොහැකි බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගය උපරිමයෙන් ලැබිය යුතු බවත් ඔහු පැවසුවේය.

සෑම අංශයක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද සකස් කළ යුතු වන බවද හේරත් මහතා මෙහිදී පැවසීය