ත්‍රස්තවාදය පිළිබඳ පනත ගැන යුරෝපා සංගමයෙන් යළිත් බලපෑම්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා ඉවත්කරන ලෙස යුරෝපා සංගමය නැවත වරක් අවධාරණය කර සිටී.

බ්‍රසල්ස් නුවර පසුගියදා පැවති ශ්‍රී ලංකා යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ විශේෂ සාකච්ජා වටයේදී එම සංගම් නිලධාරීන් මේ බව සඳහන් කර ඇත.

එසේම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරයන් ඉවත් කරගන්නා ලෙසද යුරෝපා සංගමය මෙහිදී යෝජනා කර ඇත.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ යෝජනාවලිය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය වහා පියවර ගත යුතු බවද යුරෝපා සංගම් නිලධාරීන් මෙහිදී අවධාරණය කර ඇත

පැතුම් වික්‍රමරත්න