නවතම පුවත්

තිස්ස අත්තනායක ගෝඨාභය හමුවකට සුදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රමුඛ පරමාදර්ශී දේශපාලනයක් සදහා වු ජනතා ව්‍යාපාරය ඉදිරියේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එම ව්‍යාපාරය නියෝජනය කරන හිටපු අමාත්‍ය ආතාවුද සෙනවිරත්න මහතා thecolomboexpress වෙත පැවැසීය.
කොළඹ නව නගර ශාලාවේදී පසුගිය ජුලි 29 වැනිදා ආරම්භ කළ පරමාදර්ශී දේශපාලනයක් සදහා වු ජනතා ව්‍යාපාරය එක රටක් එක නීතියක්, ජාතික ප්‍රතිපත්තියක් හා ජාතික වැඩපිළිවෙලක් රටකට අවශ්‍යය බව පිළිගත් ව්‍යාපාරයකි.
අදාල ව්‍යාපාරයට එදින විජයදාස රාජපක්ෂ, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ඇතුළු දේශපාලඥයන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.
අපි අපේ වැඩපිළිවෙල හැමෝටම ඉදිරිපත් කරලා බලනවා. අපි සහය දෙන්නෙ අපේ වැඩපිළිවෙල පිළිගන්නා ජනාධිපති අපේක්ෂකයාට පමණයි. එහෙම නැතිනම් මුනුත් නෑ අරුනුත් නෑ කියලා අපි අපේම අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා යැයි ආතාවුද සෙනවිරත්න මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා සමග මෙයට පෙර මෙම ජනතා ව්‍යාපාරය සාකච්ඡාවක් පැවැත්වු බව හෙතම හෙළි කළේය.
මේ ආකාරයට අනෙකුත් පක්ෂවල අනෙකුත් නියෝජිතයන් හමුවන බව සෙනවිරත්න මහතා සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්