තුර්කි ෆෙටෝ ත්‍රස්තයන් මෙරට පුද්ගලික පාසලකට මුදල් යොදවලා

Picture of අසංක

අසංක

තුර්කියේ ෆෙටෝ ත්‍රස්තයන් ශ්‍රී ලංකාවේ පුද්ගලික පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ දී පළමු වතාවට අනාවරණය විය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ෆෙටෝ ත්‍රස්තයින් පුද්ගලික පාසල් වෙත මෙලෙස මුදල් යොදවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිත්‍රස්ත ඒකක වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතීය ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

2010 වසරේ අගෝස්තු පස් වෙනිදා පස් වෙනිදා මෙරට තුර්කි තානාපති පූජා මහතා විසින් ෆෙටෝ ත්‍රස්ත සාමාජිකයන් පනස්දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත දන්වන ලදී.

අප්‍රේල් 21 වන දා මෙරට තුළ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන තුරුම එම දැනුම් දීමට අනුව මෙරට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැතැයි කොමිසමේ දී වැඩිදුරටත් හෙළි විය.