නවතම පුවත්

තොණ්ඩමන්ගේ අවමඟුලට ආ අයට කොරෝනා හැදුනොත් නඩු

අසංක

අසංක

 

අභාවප‍්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමඟුලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී ඒ හරහා නව රෝගීන් පොකුරු මතුවුවහොත් නිරෝධායන පනතට අනුව නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.

මෙම අවමගුල් උත්සවයේදී බොහෝ පිරිස් නීරෝ ධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කල බවක් දක්නට ලැබුණු බවත් මෙම සංගමය සඳහන් කර ඇත.

එසේම මෙහිදී ඇතැම් පිරිස් නීති ගරුක රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිය බාධා කර ඇති බවත ඒ ගැන සොයාබලන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බවත් සංගමය මාධ්‍ය වෙත අද පැවසීය.

ආරම්භයේ සිටම කොවිඞ් 19 ව්‍යාප්තියට එරෙහිව දිවා රෑ නොබලා කටයුතු කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, ඇතුළු ⁣ක්‍ෂත‍්‍ර නිලධාරින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල, රෝහල් කාර්ය මණ්ඩල තවත් හෙම්බත් කරවන මෙවැනි අනවශ්‍ය කටයුතු රටට වැරදි පූර්වාදර්ශ සපයා ඇතැයි ද සංගමය නිකුත් කරන ලද නිවේදනයක සදහන් වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්