නවතම පුවත්

විරෝධතා නිසා අමෙරිකාව යුධ පිටියක් වෙයි

අසංක

අසංක

සුදු ජාතික පොලිස් නිළධාරීන්ගෙන් කලු ජාතික සහ සංක්‍රමණික ජනතාවට එල්ල වන හිරිහැර වලට විරෝධය දක්වමින් ක්‍රියාත්මක වන විරෝධතා හා උද්ඝෝෂණ හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත හා නගර රැසක් යුධ පිටියක ස්වරූපයක් ගෙන ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කර සිටී.

විශේෂයෙන්ම නිව්යෝර්ක් , ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් යන නගර මේ වන විට බරපතල ලෙස උද්ඝෝෂණයන් ක්‍රියාත්මකව ඇති අතර ඇමෙරිකානු පොලිසිය මේ වනවිට උද්ඝෝෂකයින් වෙත වෙඩි ප්‍රහාර එල්ල කිරීමටද පටන්ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.

මෙම වෙඩි තැබීම් වලින් මියගිය සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත වාර්තා තවමත් නිකුත් වී නොමැති නමුත් . අවම වශයෙන් සිවිල් ජනතාව දහසක් පමණ මේ වනවිට මිය ගොස් ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා අනුමාන කර ඇත.

කැරලි වලදී පොලිස් නිළධාරීන් කල වෙඩි තැබීම් වලින් කලු ජාතික හෙදියක්, ඇයගේ පෙම්වතා ඇතුලු පිරිසක් මියගොස් තිබෙනඅයුරු ඊයේ දින එරට මාධ්‍ය වාර්තා කර තිබිණ .

මෙම විරෝධතාකරුවන්, කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වලකන දුරස්තකරන සීමාවන්ද නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් තත්වය තවදුරටත් බරපතල වී ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වාදෙ .

මේ වනෛව්ට තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක හමුදා ඛාණ්ඩ පවා කැඳවා ඇති අතර ප්‍රාන්ත කිහිපයක හදිසි නීතියද පනවා ඇත.

කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරවල පිහිටි ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර ඇතැම් කඩ සාප්පු ද ගිනි තබා විනාශ කොට තිබේ.

බොහෝ නගර වල පොලිස් ස්ථාන ගිනිබත් කරමින් පොලිස් රථ වාහන ගිනි තබමින්, කඩසාප්පු මංකොල්ල කමින් විරෝධතා කරුවන් කටයුතු කරන බවක් දක්නට ඇති බවද එරට මාධ්‍ය සඳහන් කර ඇත.

මේ අතර ඊයේ දින ධවල මන්දිරයට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත .

මේ වනවිට ලක්ෂ විස්සක් පමණ වන සිවිල් ජනතාව මෙම විරෝධතාවන්ට එක්වෙමින් පොලිස් ස්ථාන වලට පහර දෙමින්, කඩ සාප්පු මංකොල්ල කමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්