හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් එක්ව ජනතා අයිතියට පත් කෙරුණු මොහොත.
කොළඹ වරාය, කටුනායක ගුවන්තොටුපොළ කේන්ද්‍රකරගෙන වාණිජ හා මූලය කේන්ද්‍රස්ථානයක් සහ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගීමට සැලසුම් කර ඇති අන්තර්ජාතික කාර්මික හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයද බිහිකිරීමේ ක්‍රියාවලියේ තවත් එක් අංගයක් මෙසේ සම්පූර්ණ කර තිබේ.
මෙම කොටසේ ගමන්ගත් පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයා ගමන් ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැදවූ රථයෙනි.







