දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වයක් නිසා ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරෝත්තුවන බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, බස්නාහිර හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු හා පැයට කිලෝමීටර් 70-80 දක්වා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.