දික්වැල්ල, මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ගැන විමර්ෂනයට කමිටුවක් පත් කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය එංගලන්ත තරගාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂක බුබුල කඩ කිරීම සහ විනය විරෝධිව හැසිරිම නිසා නැවතත් ශ්‍රි ලංකාවට ගෙන්වූ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, නීතිඥවරුන් වන පන්ඩුක කීර්තිනන්ද, අසේල රැකව, උචිත වික්‍රමසිංහ හා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්. ඩී සොසියා මෙම කමිටුවට නම්කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව පැවැත්වෙන පරික්ෂණ අවසන් වන තෙක් ඔවුන්ට එරෙහිව තරග තහනමක් පනවා තිබේ.