දිස්ත්‍රික් 3කට ඇඳිරිනීතිය දීර්ඝ වෙයි – සෙසු දිස්ත්‍රික්වලටත් යළි පැනවෙන වේලාවන් මෙන්න

Picture of අසංක

අසංක

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරිනීතිය ලබන අඟහරුවාදා (24) උදෑසන 6 දක්වා දීර්ඝ කෙරේ.

එදිනම එනම් 24 වැනි අඟහරුවාදා දහවල් දෙකට එම දිස්ත්‍රික්ක තුනෙහි නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මාර්තු 23 සඳුදා උදේ හයට ඉවත් කෙරෙන අතර නැවත එදින ම දහවල් 2 සිට ක්‍රියාත්මක වෙයි.