දුම්පානය කරන සහ මධ්‍යසාර භාවිත කරන්නන්ට කොරෝනා වෛරසය වැලදීමේ වැඩි අවදානමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දුම්පානය හා මධ්‍යසාරය පානය කරන පුද්ගලයින්ට කොරෝනා වෛරසයේ බලපෑම වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී
මෙම නිසා දුම්පානයට හා මත්පැන් පානයට ඇබ්බැහිවූවන් මේ දිනවල වඩාත් ප්‍රවේශම් විය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අඩනන් මහතා අද පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත. එසේම මේ දිනවල මත්පැන් හා දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

ඊට අමතරව ව්‍යායාම කිරීම , සීනි සහිත අහාර අවම කිරීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු මේ දිනවල අනුගමනය කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී