දුමින්ද සිල්වාට ජනපති සමාව

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බව වාර්තාවේ .

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියමහතා මේ බව මාධ්‍ය වෙත අද පෙරවරුවේ සඳහන් කර ඇත .

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට අධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන් අතර 2016 වර්ෂයේ සිට ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියේය .