දම්පත් රණසිංහ
නවගමුව ගොඩැල්ල ප්‍රදේශයේ තිබී හමුවූ වෙඩි තබා ඝාතනය කර ඇති පුද්ගලයා දැනට ඩුබායි රටේ සැගවී සිටින ‘කෙසෙල්වත්තේ දනුක’ නමැත්තාගේ ගෝලයකු බවට හදුනාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ‘චමිල’ නමැත්තෙකි.
මොහු මීට මාස කිහිපයකට පෙර සපුගස්කන්ද ගල්වල හන්දිය ප්‍රදේශයේ ‘මන්නා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.