පැතුම් වික්‍රමරත්න
නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසවලට ගොදුරු වන මෙරට ගොවීන්ට උපකාර කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ලබාදීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාවය පළ කර ඇත.
ඒ අනුව ඊට අදාළ ණය ගිවිසුමට අද (1 3)ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අත්සන් තැබුනි ,
ලබන 14 වැනි දා දක්වා අමෙරිකාවේ වොෂින්ටන්හි ද පැවැත්වෙන ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් තැබිණ .
එම රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද අමෙරිකාව බලා පිටත්ව ගියේ ය.