* ලබන 6 වැනිදා උසාවියට
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිය නිවසේ සේවයේ යෙදී සිටියදී පිළිස්සීමකින් මියගොස් මෙහෙකාර දැරියගේ සිද්ධියට අදාළ පස්වැනි සැකකරු ලෙස දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 06 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඊයේ (23) අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
පැමිණීල්ල විසින් මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය බන්ධනාගාර අධිකාරීවරයාට මෙම නියෝගය කර ඇත.
මෙහි සැකකරුවන් සිව් දෙනා සිද්ධියට අදාළව අනවශ්‍ය මැදිහත්වීම් සිදුකර ඇති බවට අනාවරණය වන බවට පැමිණීල්ල කරුණු ඉදිරිපත් කර තිබුණි.
එබැවින් සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔවුන් ලබන 06 වැනිදා තෙක් වැඩිදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද නියම කර ඇත.
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බන්ඩාරම් නොහොත් සංඛර් යන අය මෙලෙස වැඩිදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.