නිශාන්ත සිල්වා රට පැන්නේ රහස් පොලීසියේ සංවේදී ලිපිගොනු පිටපත් කිහිපයකුත් අරන් බවට හෙළිදරව්වක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් භාරව කටයුතු කළ නිශාන්ත සිල්වා මහතා සිය පවුල සමගින් පසුගිය දා ස්විට්සර්ලන්තය බලා පලාගොස් ඇත්තේ රහස් පොලීසියේ රහස්‍ය ලිපිගොනු කිහිපයක පිටපත් ද රැගෙන බවට බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

අතිශය සංවේදී සිද්ධීන්ට අදාළ එම ලිපිගොනු පිටපත් මෙලෙස ඔහු රැගෙන යන ලද්දේ ශ්‍රී ලංකාවට අයහපතක් වන අයුරින් ජාත්‍යන්තරය හමුවේ තැබීමට ද යන්න සැක මතුවී ඇත.

මොහු සිය කාර්‍යාලයට ද නොදන්වා රහසිගත ලෙස දේශපාලන රැකවරණ පතා ජිනීවා වෙත පලායාම පිටුපස රාජ්‍ය නොවන සංවිධානයක් සිටින බවටද අනාවරණය වී තිබේ.

ඉදිරියේදී එම රාජ්‍ය නොවන සංවිධානයේ අවශ්‍යතාවක් සපුරාලීමට මොහු මෙලෙස රහස් පොලීසියේ රහසිගත ලිපිගොනු පිටපත් ගෙන ගියේද යන්න පිළිබඳ විමර්ශන අංශ වෙත සැක මතුව ඇත.