එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දැනට සිදුව ඇති අලාභය ගණනය කර , එය ගෙවීමට අදාළ නෞකාව හිමි සමාගම එකඟ වී ඇති බව වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටී
නෞකා අනතුර සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණි.
එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය ,
“වන්දි මුදල් සම්බන්ධව නෞකාවේ අයිතිකරුවන්, ඒගොල්ලො එකඟ වෙලා තියෙනවා දැනට වෙලා තියෙන අලාභය ගණනය කරලා ගෙවීමට. රක්ෂණ සමාගම් සමගත් සාකච්ඡා කරලා තියෙනවා.”