පක්ෂෙන් ඉවත් කළ මන්ත්‍රීවරු විනය කමිටුවට

Picture of අසංක

අසංක

පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පස් දෙනාට අදාල විනය පරීක්ෂණයන් ඉදිරි දෙදින ඇතුලත ආරම්භකිරීමට පක්ෂ විනය කමිටුව කටයුතු යොදා ඇත.

ඒ අනුව ඔවුන්ට චෝදනා පත්‍රද හෙට සිට යොමු කිරීමට කටයුතු යොදන බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

චෝදනා පත්‍ර යොමු කල පසුව අදාළ මන්ත්‍රීවරු විනය කමිටුව වෙත කැඳවන බවද ජයසේකර මහතා පැවසීය.

එලෙස විනය කමිටුවට පැමිණීමට ඔවුන් අපොහොසත් වුවහොත් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සිදුවන බවත් , එවිට ඔවුන්ගේ මන්ත්‍රී ධුරයද අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් ජයසේකර මහතා පැවසීය.